අසුචි සහ අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර සම්බන්ධ මෙරට පරීක්ෂණ වාර්තා වැරදි බවට තර්ක කරයි
අහිතකර බව තහවුරු වූ පොහොර මිලදී ගත යුතු බව ද කියයි
චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දුන්නා.
ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙරට චීන තානාපති කාර්යාලය ඊයේ (08) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒවා සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක ජීවානුහරණය කිරීමේදී අහිතකර ක්ෂුදු ජීවි විශේෂ අධික උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශවන බවයි.
කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමේදී කාබනික පොහොර සාම්පලවල අර්වීනියා ඇතුළු අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව දින තුනක් තුළ සිදුකළ පරීක්ෂණ හා විශ්ලේෂණ තුළින් හඳුනාගෙන ඇති බව පළවූ ප්රවෘත්ති වාර්තාවල දැක්වුණු බවද එම නිවේදනයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අනුව අර්වීනියා බැක්ටීරියාව හඳුනාගැනීමට අවම දින 6ක කාලයක් ගත වන බවත් ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් බව චීන තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාවේ වාර්තාව මත පදනම්ව සීවින් සමාගමේ කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තුළින් සමාගමට ප්‍රශ්න සහගත බව මෙන්ම විශාල මූල්‍යමය හානියක්ද සිදුවන බව එහි සඳහන් වේ.
එම නිසා විද්‍යාත්මක කරුණු මත පදනම්ව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව දෙපාර්ශ්වය මේ සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡා කර වාසි සලසා ගනු ඇතැයි තානාපති කාර්යාලය අපේක්ෂා කරන බව එහි වැඩිදුරටත් සඳහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි