Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුව ආවරණ ගැන ඇසු විට කීපී මිනිසුන් පොළවේ ගැසූ “මදාවි නඩයේ” දෙන්නෙක් පොලිස් දැලේ

ඉන්ධන පිරවුම් හලේදී මුඛ ආවරණය ගැන විමසූ සේවකයාව උස්සා පොළොවේ ගැසූ සැකකරුවන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුඛ ආවරණයක් පැලඳ නොසිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව විමසූ පසු ඉන්ධන හල් සේවකයෙකුව උස්සා පොළොවේ ගැසූ සිද්ධියක් ඊයේ (06) මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

මුව ආවරණ ගැන ඇසු විට “මදාවියෙක්” කිපෙයි, රංචුවක් රැගෙන එයි – ඉන්ධන හලක සේවකයෙකු උස්සා පොළවේ ගසයි

මීගොඩ පොලීසිය විසින් ඊයේ රාත්‍රියේදී අදාළ සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා පාදුක්ක ගලගෙදර සමනල මාවතේ සහ වටරැක ගාලබැදිහේන ප්‍රදේශයේ පදිංචි 24 සහ 36 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බවයි හෙළිව ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය සංග්සඳහන් කළා.

පහරදීම සිදු කළ පුද්ගලයින් පැමිණි යතුරුපැදිය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

About The Author