Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලෝක ළමා දිනය මතක හිටින්න පොලිසිය වැඩක් කරයි

දරුවන් අධිකරණ වලට කැඳවීම නතර කිරීමට සැලසුමක්

දරුවන් අධිකරණයට කැඳවීමකින් තොරව ඔවුන්ගෙන් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් රාගම ළමා පියසේදී අද විවෘත කෙරුණා.

ඒ අදට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිති කරගනිමින්.

දරුවන් අධිකරණය වෙත කැදවීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි මෙහෙය වීම මේ හරහා සිදුකෙරෙන අතර ළමයින් ද්වියිතික වින්දිත භාවයට පත්වීම වැළැක්වීම මෙහි අරමුණයි.

මීට අමතරව දරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තුලදී බොහෝ දරුවන් විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට ලක් වීමේ සිදුවීම් රැසක්ද පසු ගිය කාලයේ අසන්නට ලැබුණා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් දිවයිනේ සෙසු පළාත් අටේ ද මෙම පහසුකම සැලසීම සඳහා පියවර ගනිමින් සිටින බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

About The Author