අධිකරණ ඇමති අලි සබ්රිත් වග උත්තර කරුවෙකු ලෙස නම් කරයි
හිටපු බන්ධනාගාර හා පුනරුත්ථාපන පිළිබඳරාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව සිරකරුවන් 8 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ, අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රඳවා සිටින් තමන්ට දණගස්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්.
මෙහි වගඋත්තරකරු ලෙස ලොහාන් රත්වත්තේ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වන එම්.එච්.ආර් අජිත්, බඹ ගල් කොමසාරිස් ටි.එන් උපුල්දෙනිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙන්නේ අමාත්‍යවරයාගේ හැසිරීම තුළින් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට