Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෘෂිකර්ම අමාත්‍යාංශය මහා අපරාධයක් යට ගසයි – මාධ්‍ය නිවේදනයෙන් ඇමති හිරවෙයි

සිරස්තලය වරදී නිවැරදි කිරීමකුත් හදිසියේ එවයි

අපරාධයක් දැන දැනත් වසන් කිරීම නීතිය ඉදිරියේ වරදක් බව අමතක වෙයි – එයාලට කළාට අපි කරන්නේ නැහැ කියා අත පිසදා ගැනීමට සැරසෙයි

චීනයෙන් ආනයනය කිරීමට සැලසුම් කර ඇත්තේ කාබනික පොහොර තොගයකට අදාළ සාම්පල පරීක්ෂාවකදී නැවත වතාවක් අහිතකර බැක්ටීරියා වර්ග හමුවී මේ සිද්ධිය හේතුවෙන් මින් පසුව චීනයෙන් කාබනික පොහොර ආනයනය නොකරන බව දැක්වෙන සිරස්තලයෙන් යුක්තව කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය ලේකම් වරයාගේ අත්සන යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එසේම අදාළ මාධ්‍ය නිවේදනයෙහි සඳහන් කර තිබෙන්නේ පසුගිය රජය සමයේ විවිධ අහිතකර බැක්ටීරියා වර්ග සහිත පොහොර තොග මෙරටට ගෙනවිත් ඇති බවයි.

එමෙන්ම එම පොහොර වල අහිතකර ජීවීන් සිටින බව පර්යේෂණාගාර ප්‍රතිඵල මගින් තහවුරු කරගෙන තිබූ පසුබිමක එහි ප්‍රතිඵල වෙනස් කොට ගොවි ජනතාවට ලබා දී ඇති බව ද අදාළ මාධ්‍ය නිවේදනයෙහි දැක්වෙනවා.

මහා අපරාධයක් වසන් කොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අත පිස දා ගැනීමට සැරසේ

මෙම මධ්‍ය නිවේදනයෙහි දැක්වෙන කරුණු අනුව පසුගිය රජය සමයේ රටට අහිතකර පොහොර ගෙනැවිත් රසායනාගාර පරීක්ෂණ වාර්තා ද වෙනස් කොට ගොවි ජනතාව අතර බෙදා දී තිබෙනවා.

මෙය බරපතළ අපරාධයක්.

අපරාධයක් සැගවීම, සිතා මතා වසන් කිරීම ද වරදක් ලෙස පිළිගැනෙනවා.

එසේනම් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනයට අනුව පසුගිය රජය විසින් සිදුකරන ලද මහා පරිමාණ අපරාධයක් පිළිබඳ මේ වන විට හෙළිව තිබෙන බව පැහැදිලියි.

නමුත් මෙම නිවේදනය හි දැක්වෙන්නේ පසුගිය රජය එම වරද සිදුකළ ද තම රජය යටතේ එවැන්නක් සිදුනොවන බවයි.

වරද කවුරුන් කළත් වරදක්.

වරදක් සිදුව ඇති බව දැන දැනත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැහැර හැරිය නොහැකියි.

එබැවින් පසුගිය රජය සමයේ සිදු කළ බව පැවසෙන මේ මහා අපරාධය ජනතාවට මාධ්‍ය නිවේදනයක් මගින් හෙළිකොට අත පිස දමා ගැනීමේ හැකියාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කෘෂි කර්ම අමාත්‍ය මහින්ද මහතාට නැහැ.

එබැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට වරදකරුවන්ට හෙළි කිරීමත් ඔවුන්ට නිසි දඬුවම් දීමත් කළ යුතුයි.

චීන පොහොර ආනයනය නතර නොකරන බවත් කියයි

ඉහත මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමෙන් පසු එහි සිරස්තලය වූ ” චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බව කෘෂිකර්ම ඇමති කියයි” යන්න වෙනස් කොට හදිසි නිවැරදි කිරීමේ නිවේදනයක් මාධ්‍යයට නිකුත් කිරීමටද කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

About The Author