අත්‍යාවශ්‍ය ආහාර ජනතාවට හිඟයකින් තොරව ලබාදීම සඳහා බව පවසමින් පැනවූ හදිසි නීතිය කෝ ?
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා බව කියමින් හදිසි නීතිය පැනවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කර තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කිරීම විශේෂත්වක්.
මෙම තත්වය මත සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් මින් ඉදිරියට ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් සිදු නොකරන තත්වයක් උදාවී තිබෙනවා.
එසේ වුවත් මහා පරිමාණ මෝල් හිමියන් සහ භාණ්ඩ ආනයනකරුවන් විසින් සඟවාගෙන සිටින සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වටලමින් ජනතාවට සහන සේවා පවත්වාගෙන යාම සඳහා බව කියමින් පණවන ලද හදිසි නීතිය සහ ඒ යටතේ පත්කළ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ධුරය දිගටම වලංගුව පැවතීම විශේෂත්යක් වන අතරම අදාළ ධුරය සඳහා පත් කර සිටින්නේ ජනාධිපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන සෙනරත් නිවුන්හැල්ල මහතා වීම එහි ඇති අනෙක් විශේෂත්වයයි.
මෙවන් වට පිටාවක්ව තුළ අද දිනයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් විසින් සහල් සඳහා වන උපරිම මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ආණ්ඩුවේ මිල පාලන උත්සාහයන් සියල්ල හුදු මාධ්‍ය සංදර්ශන බව තව දුරටත් සනාථ කරමින්.
ඔවුන් නිවේදනය කර ඇති මිල ගණන් මෙසේය.
නාඩු කිලෝ 1ක් රු 115
සම්බා කිලෝ 1ක් රු. 140
කීරි සම්බා කිලෝ 1ක් රු. 165
එම සංගමයේ සභාපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම මිල ගණන් නිවේදනය කිරීමද විශේෂත්වයක්.
ආණ්ඩුව සහතික කළ වී මිලත් පුස්සක් වෙයි
සහල් මිල තීරණය කිරීමෙන් නොනැවතී ඔවුන් වී මිලදී ගන්නා මිල ගණන්ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 80 කටත් මිලදී ගැනීමට තීරණය කළ බවද සිරිසේන මහතා ප්‍රකාශ කළා.
ගැසට් රිවස් ආණ්ඩුවේම කොටසක් වෙයි
ආණ්ඩුව බලයට පත් වූ දා පටන් භාණ්ඩ මිල පාලනය සඳහා නිකුත් කරන ලද ගැසට් ප්‍රමාණය 20 කට ආසන්නයි.
පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීම, සීනී සඳහා පාලන මිලක් නියම කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදන , සහල් සඳහා නිකුත් කළ ගැසට් නිවේදන ඇතුළු ගැසට් නිවේදන ඊට ඇතුලත්.
කෙසේ වෙතත් එලෙස නිකුත් කරන ලද එකදු ගැසට් නිවේදනයක් වත් ප්‍රයෝගික වෙළඳ පොළ තුළ යතාර්ථයක් නොවූ අතර ආණ්ඩුව විටින් විට ඒම ගැසට් නිවේදන ආපසු හරවනු ලැබුවා.
ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන්ගේ කල්ල මරේ ද?
ආණ්ඩුව මෙලෙසින් කටයුතු කරද්දී බොහෝ දෙනෙකු චෝදනා කළේ ඒ මෙම සියලු ගැසට් නිවේදන පිටුපස ආණ්ඩුවේ ව්‍යාපාරිකයන්ටත් සහන සැලසීම සහ අයථා ලෙස ලාභ ඉපයීමට අවස්ථාව සලසා දී මෙය සැලසුම් තිබූ බවයි.
සීනි ආනයනය සඳහා පනවා තිබු රුපියල් 50ක් වූ වෙළඳ බද්ද ශත 25 දක්වා අඩු කිරිම මගින් එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් බදු සහනයක් පාරිභෝගික ජනතාවට අහිමි වූ බවක් නම් අසන්නට ලැබුණේ නැහැ.
රුපියල් 85 ක මිලකට සීනි කිලෝවක් අලෙවි කළ හැකි බව ද එම අවස්ථාවේ දී රජය ප්‍රකාශ කරනු ලැබුවද වෙළෙඳ පොළේ සත්‍ය වශයෙන්ම සීනි කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 130 කට ආසන්න මුදලකටයි.
එමෙන්ම හිටි හැටියේ වෙළඳපොලේ සීනි හිඟයක් මතුවූ අතර විපක්ෂය චෝදනා කළේ මෙය පිටුපස ද සිටින්නේ ශත විසිපහක මුදලකට ලාභදායී ලෙස ආනයනය කළ ආණ්ඩුවට ආනයනකරුවන් බවයි.
එම අවස්ථාවේදී රජය රුපියල් 85 වෙනුවට නිල වශයෙන්ම සීනි කිලෝවක් සඳහා රුපියල් 130 කට ආසන්න මුදලක් නියම කිරීම අදාල ව්‍යාපාරික හිතවතුන්ගේ වාසිදායක තත්ත්වය තහවුරු කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ දේශපාලන නායකයින් කිහිප දෙනෙකුම අදහස් පළ කළා.
සහල් සම්බන්ධයෙන් ද ඇතිවූයේ මීට නොදෙවෙනි තත්වයක්.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත් කොට ලොරි රැගෙන ගොස් කොළඹට ගෙන ආ සහල් තොග අලෙවි කෙරුණේ අදාල මහා පරිමාණ මෝල් හිමියන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන අයුරින්.
මේ සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර ඊයේ දිනයේ සහල් සඳහා පනවා තිබූ පාලන මිල අඩංගු ගැසට් නිවේදනය අහෝසි කෙරෙන්නේ ද එවන් වටපිටාවක් තුළයි.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී