Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තවත් මසකින් රටම අඳුරු වෙයි – ආණ්ඩුවම අනතුරු අඟවයි

පාරිභෝගික වගකීමත් මතක් කරයි

විදුලි පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් උනන්දු කරවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

“තවත් මාසයක් දෙන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. දැනට විදුලි බිල් විතරක් බිලියන 44ක් විතර අය වෙන්න තියෙනවා. දැනට අපි ඒවට පොළිය එකතු කරන්නේ නෑ. 12% අතුරු ගෙවීමක් දාලා අපි දැන් ඒ අයව උනන්දු කරනවා. පුළුවන් අයත් ගෙවන්නේ නෑ. ඒකයි ගැටලුව. අපි ඉල්ලන්නේ විදුලි බිල් ගෙවන්න කියලයි”

About The Author