Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

355 බෙහෙත 55000 කට ආණ්ඩුව මිලදී අරන් – මැකුණු දත්ත අස්සෙන් ජයසුමන යහපාලනයේ වංචාවක් එළියට ඇදගනී

වාර්තාව පාර්ලිම්න්තුවේදී සභාගත කරයි

වෙලදපලේ ඉතා අඩු මිලකට මිලදී ගත හැකි ඖෂධ වර්ග රැසක් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ බව ඖෂධ සැපයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද හෙළි කළා.

පාර්ලිමේන්තුවේ දී අදාල ලේඛන ද සභාගත කරමින්.

මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කෙරේ ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු සිතාමතා දමා තිබෙන බවට ඔහුට ද චෝදනා එල්ල වන වටපිටාවක වීම විශේෂත්වයක්.

පසුගිය යහපාල සමයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල අඩු කර තිබූ අතර අක්ෂි කාච සහ හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ ලබා දුන්නා.

කෙසේ වෙතත් ජයසුමන මහතා හෙලි කරන මෙම මහා පරිමාණ වංචාවේදී රුපියල් 355ක ඖෂධයක් රජය මිලදී ගෙන ඇත්තේ රුපියල් 55,000 ක මිලකටයි.

චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනය පහතින්.

About The Author