ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
ආණ්ඩුවට එරෙහි කතා කියන වාසුගේ ඡන්දයත් ආණ්ඩුවට පක්ෂවයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ වැඩි ඡන්ද 51කින් සම්මතවුණා.
පනතට පක්ෂව ඡන්ද 86ක් හිමි වූ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 35 ක් පමණයි.
සමගි ජන බලවේගය ,දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් සහ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරු පනතට ඡන්ද විමසීමක් අවශ්‍ය බව සඳහන් කිරීම හේතුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වුණා.
මෙහි ඇති වැදගත් කරුණ වන්නේ අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 121 පමණක් වීමයි.
මහජන මුදලින් නඩත්තු වන සහ ජනතා පරමාධිපත්‍ය බලයෙන් තෝරා පත් කර එවන නියෝජිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවේ නොසිටීම කණගාටු දායක තත්වයක්.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?