Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2022 වසරේ ගෙවුණු මාස කිහිපයට ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 600 ඉක්මවයි

මේ වසරේ ගතවූ මාස කිහිපයට පමණක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දළ වශයෙන් රුපියල් බිලියන 600 ත් 700 ත් අතර පාඩුවක් ලබා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ගෙවුණු 2021 වසරේ එම ආයතනය ලැබූ පාඩුව රුපියල් බිලියන 400 ඉක්මවා තිබෙනවා.

ගෙවුණු වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව ද රුපියල් බිලියන 100කට ආසන්න බවයි වාර්තාවන්නේ.

රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ නොහැකියාව හේතුවෙන් මෙම අලාභය දැරීමට සිදුව ඇති අතර අවසානයේ මෙම පාඩුවේ සමස්ත බර රටේ ජනතාව පිට පැටවීමට වගකිව යුත්තන් ක්‍රියා කිරීම කණගාටුවට කරුණක්.

About The Author