2019 ජනාධිපතිවරණයට ආසන්නයේදී කැළණිය නදිය දෙබෑ කරමින් නාග ලෝකයේ සිට ධාතුන් වහන්සේ වැඩම කරවීම සමඟ රටට ඉදිරියේදී සෞභාග්‍යමත් කාළයක් උදාවන බවට වන පණිවිඩය ලොවටම කියූ කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට පත්කර තිබෙනවා.
එහි හිටපු කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පසුගිය දා අපවත් වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී පැවතුණු අතර ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සෝබෝන් විශ්වවිද්‍යාලයේ , සහ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා තිබෙනවා.
ප්‍රංශ භාෂාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු උන්වහන්සේ සිය ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙන්නේ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන්.
උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පීඨයේ මහාචාර්ය ධුරය ද හොබවනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි