Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2014 දී ලංකාව ගොඩ දාන්න හොර පාරේ කෝටි 131ක් CIA ඒජන්තයෙකුට පුදලා – ඒජන්තයා හිරේ, අමෙරිකාව තොරතුරු හෙළිකරයි

2014 වසරේදී ශ්‍රී ලංකවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 හෙවත් (වර්තමාන විනිමය අනුපාත අනුව රුපියල් කෝටි 131ක්) මුදලක් ගෙවා සේවය ලබාගත් ඉමාඩ් සුබේරි නමැත්තා වංචනිකයෙකු බව හෙළිව තිබෙනවා.

දශකයකට ආසන්න කලක් අමෙරිකානු සීඅයිඒ සංවිධානයේ රහස්‍ය නියෝජිතයකු ලෙස කටයුතු කර ඇති අදාළ පුද්ගලයා පසුව සිය සම්බන්ධතා යුතු ලෙස යොදා ගනිමින් වංචාවල නිරතව ඇති බවයි හෙළිව තිබෙන්නේ.

ඉමඩ් සුබෙරි විසින් අමෙරිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා 2014 වසරේදී සම්බන්ධ වී තිබෙනවා.

ඔහු ඒ සඳහා යොදවාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බව ද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඉමාඩ් සුබේරිව මෙහෙයවූ පුද්ගලයෙකු විසින් ඔහු ලවා නවීන නාවික අධීක්ෂණ පද්ධතියක් මෙරට පිහිටුවීමට ද ශ්‍රී ලංකා රජය පොළඹවා ඇති බවත් මෙම කරුණු හෙළි කරන අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර තිබෙනවා. 

තම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඉමාඩ් සුබෙරි පසුවන්නේ අමෙරිකානු අධිකරණයක් විසින් නියම කරනු ලැබූ වසර 12ක සිර දඬුවම් විඳිමින් බවද හෙළිව තිබෙනවා.

About The Author