Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“2009 වසරෙන් පසු රජයේ බුද්ධි අංශ සහ සහරාන්ලා සමගාමීව වැඩකළා, දුන්න ආයුධ නැවත ලබාගත්තේ නැහැ” – හැඩිගල්ලේ විමලසාර හිමි

2009 වසරෙන් පසු රජයේ බුද්ධි අංශ සහරාන් හෂීම් සමග සමගාමීව කටයුතු කර ඇති බවත් රාජ්‍ය විසින් සහරාන් හෂීම්ට ඒ සඳහා මුදල් ගෙවා ඇති බවටත් වන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ජාතික විද්වත් සංඝ සභාව නියෝජනය කරන හැඩිගල්ලේ විමලසාර හිමියන් විසින් සිදු කර තිබෙනවා.

වැඩි දුරටත් අදහස් දක්වන උන්වහන්සේ අවධාරණය කර ඇත්තේ 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නේ රජයෙන් පඩි ලබා ගත් පිරිසක් බවයි.

එම කාලයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවද උන්වන්සේ සිහිපත් කළේ කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.

යුද්ධය පැවති කාලයේ සිවිල් ආරක්ෂක බලකාය හා සමාන මුස්ලිම් ජාතිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් බිහිකිරීමට 2009 පෙර පැවති රජය කටයුතු කර තිබු බවත් ඔවුන්ට ලබා දී තිබු ආයුධ නැවත ලබාගැනීමට රජය පියවර ගෙන නොමැති බවත් පවසන උන්වහන්සේ ඇවන් ගාඩ් ආයතනය හරහා නීති විරෝධී ගිනි අවි රැසක් ගිනි අවි ආඥා පනත අමු අමුවේ උල්ලංඝණය කරමින් භාවිතා කළ අකාරයද සිහිපත් කර තිබෙනවා.

පාස්කු කොමිසමෙන් හෙළි වූ , පාස්කු ප්‍රහාරය එල්ල කළ දිනයේ බෝම්බකරුවෙකු මුණ ගැසීමට ගිය බුද්ධි අංශ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකිරීම බරපතල සැකයක් බවද පෙන්වා දුන්නා.

About The Author