මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව කලක් එම දේශපාලන කඳවුර නියෝජනය කළ සහ 1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දන ගුණතිලක මහතා පවසනවා.
එවකට තමන් ඇතුළු පිරිසට දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් නොතිබූ බවත් තම සංවිධානයේ නායකයන් කී නිසා ඇතැම් කරුණු පිළිගත් බවත් ඒ හේතුවෙන් විශාල වරදක් තමන් අතින් සිදුවූ බවත් ඔහු සඳහන් කර ඇත්තේ Mee Massoo TV සමඟ සංවාදයකට එක්වෙමින්.
ඉන්දීය හමුදාවට එරෙහිව දියත් කළ කැරැල්ල පිළිබඳ තමන් කණගාටුවන බවත් බොරු බිල්ලෙකු තම නායකයින් විසින් තමන් ඉදිරිපිට මවා තිබූ බවත් හැඟවෙන අයුරින් අදහස් ප්‍රකාශ කරන නන්දන ගුණතිලක මහතා එදා ඇති වූ කැරැල්ල මර්ධනය සඳහා රජය ගෙන ගිය මර්ධන කාරී වැඩපිළිවෙළ ද අනුමත කර තිබීම ද විශේෂත්වයක්. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කෙදිනක හෝ රාජ්‍ය බලය අත්පත් කරගත හොත් තම ජීවිතය අනතුරට පත්වනු ඇති බවට දැඩි සැකයක් තමන් තුළ ඇති බවද ඔහු මෙහිදී සදනහන් කර තිබෙනවා.
නන්දන ගුණතිලක මහතා 2005 වසරේ සිට මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කර ඇති අතර 2014 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇති අතර මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ පානදුර ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
තලතා කට අරී – වෙච්චි සන්තෑසිය හෙළිකරයි.. සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක..