Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෝමාගම, අනුරාධපුර , ගම්පහ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි – ICU ඉඩ මදි වෙයි – ස්වාසනාධාරක සහ දැඩි සත්කාරය ඇඳන් හිඟයක් ?

කොරෝනා සඳහාම වෙන් කර ඇති හෝමාගම රෝහලේ ඉඩ පහසුකම් ද මේ වන විට අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.

මේ තත්වය තුළ රෝගීන් කිහිපදෙනකු ඉංගිරිය රෝහල වෙත මාරු කර යවා ඇති බවද සඳහන්.

හෝමාගම රෝහලේ ඇති දැඩි සත්කාර ඇඳන් සියල්ලේම රෝගීන් සිටින බවත් ඇතුලත් කර ඇති රෝගීන්ගෙන් හතරෙන් එකකට පමණ ස්වාසනධාරක පහසුකම් ලබා දීමට සිදුව ඇති බවත් වාර්තවනවා.

කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයද මුළුමනින්ම පාහේ රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා.

එම ඒකකයේ සාමාන්‍ය කොරෝනා රෝගීන් සඳහා වෙන කර තිබු ඇඳන් සංඛ්‍යාව 130ක්.

ඊට අමතරව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇති ඇඳන් 06 ද අසාධ්‍ය තත්වයෙන් පසුවන රෝගීන් සිටින බවයි වාර්තාවන්නේ. රෝගීන් සිටින බවද සදහන්ය.

මේ පිරිසෙන් වැඩි දෙනෙකු පිටපළාත්වල රෝහල්වලින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන අනුරාධපුර රෝහලට එවූ අයයි.

මේ අතර ගම්පහ මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට සූදානම් කර තිබූ වාට්ටුව සහ වැරැල්ලවත්තේ පිහිටි කාන්තා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් සියල්ල ද මේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් අවසන්.

ඒ නිසා ආසාදිත වුවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

වැඩිවන ආසාදිතයන් වෙනත් රෝහල් වලට මාරු කිරීමට අමතරව ගම්පහ රෝහල තවත් වාට්ටුවක් කොරෝනා රෝගීන් වෙනුවෙන් සකස් කිරීමට ද පියවර ගනිමින් පවතින බවද වාර්තා වනවා.

ගම්පහ රෝහලේ මෙසේ පිරී ගොස් ඇති ඇඳන් සංඛ්‍යාව 120 ක්.

මේ අයුරින් දිවයින ප්‍රදේශ රැසක ඇති රෝහල් ක්‍රමයෙන් කොරෝනා අසාදිතයින්ගෙන් පිරි යමින් පවතින අතර විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කළේ මෙලෙසින් දිගින් දිගටම කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් එය කිසිසෙත් රෝහල් පද්ධතියට දරා ගත නොහැකිවනු ඇති බවයි.

එමෙන්ම ස්වාසනාධාරක (ventilator machine) සහ දැඩි සත්කාර ඇඳන් හිඟයක් නිර්මාණය වනු ඇති බවද වාර්තවනවා.

About The Author