Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොරු රැල පැන්නීමට මහ සෙනගක් ගාලුපාර දිගේ කොළඹට

කලාකරුවන් , වෘත්තිකයින් , ආගමික නායකයින් ඇතුළු ජන නායකයින් රැසක් සටනේ

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමන දෙවන දිනටත් අද (18) උදේ 09ට වාද්දූවෙන් ආරම්භ වුණා.

මෙම විරෝධතා පාගමනට දසදහස් ගණනින් ජනතාව එක්රොක් වී සිටිනවා.

එම විරෝධතා පාගමන අද මොරටුවෙන් අවසන් කරන අතර හෙට (19) මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිතය.

ඉන් අනතුරුව කොළඹ නගර සභා පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්වී සිටිනවා.

About The Author