Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොම්බෙන් ගියාට ලංකාව මියන්මාර හාල් වලට ලොවෙත් නැති සුපිරි මිලක් ගෙවයි : බඩුවල ගුණාත්මක බව ගැන අහන්නෙත් නැතිලු

Global New Light of Myanmar වාර්තාකරයි

මියන්මාරයෙන් මිලදී ගන්නා සහල්වලට ලොව වැඩිම මුදල ගෙවන්නේ ශ්‍රී ලංකාව බව මියන්මාරයේ ප්‍රමුඛම පුවත්පතක් වන Global New Light of Myanmar පුවත්පත වාර්තා කරයි.

පෙබරවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව උපුටා දක්වමින් Bayintnaung සහල් අධිකාරියේ ලේකම් ඌ තාන් ඕ පවසන්නේ වෙනත් රටවලට අපනයනය කරන සහල්වල භාණ්ඩ ප්‍රවාහනයේ (FOB) මිල ටොන් එකකට ඩොලර් 340ත් 350ත් අතර වන නමුත් ශ්‍රී ලංකාව මිලදී ගැනීමේදී ටොන් එකකට ඩොලර් 440 සිට 450 මිල ලබා දී ඇති බවයි.

“පසුගිය වසරේ මියන්මාරයේ සහල් ශ්‍රී ලංකාවට අපනයනය කළා. එය සාර්ථක ගනුදෙනුවක්. එය අසල්වැසි රටක්. මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට සහල් අපනයනය කළ හැකියි.” ඌ තාන් ඕ පැවසීය.

යුරෝපීය රටවල් සහ චීනය මියන්මාර සහල් අපනයනයේදී පනවා ඇති ගුණාත්මක භාවය පිළිබද සංකීර්ණ සහතික කිරීම් ශ්‍රී ලංකාව ඉල්ලා නැති බව මියන්මාර සහල් සහල් අධිකාරියේ ලේකම් ඌ තාන් ඕ පවසා තිබේ. එම නිසා ශ්‍රී ලංකාව සමග සහල් අපනයන කටයුතු ඉතා පහසු බවද ඔහු සඳහන් කරයි.

මේ වනවිට රටවල් දෙකක් සහල සැපයීම සඳහා ශ්‍රී ලංකාව සමග ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ අනුව 2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාවට සුදු සහල් ටොන් 100,000ක් සහ තම්බන ලද සහල් ටොන් 50,000ක් අපනයනය කිරීම සඳහා ජනවාරි 07 වන දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයිද එම පුවත්පත අනාවරණය කරයි.

Global New Light of Myanmar

© Lanka Truth

About The Author