දිග කිලෝමීටර 50ක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) හෙට (15) දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන්.
මංතීරු 04 ක් යටතේ ඉදිකල මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ විවෘතව ඇති අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනා ගත හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 කි. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කර ඇති බවත් නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා වැටී ඇති බවත් මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරනවා.
දේශීය අරමුදල් යොදා ගනිමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් මෙම මාර්ග කොටස ඉදිකර තිබෙනවා.
මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 05ණ් සමන්විතයි.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 149 ක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට