බලාගාර දෙකකට ඉන්ධන ලැබෙයි
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (14) ‘A’ සිට ‘L’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘P’ සිට ‘W’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) රාත්‍රී පැවසීය.
‘A’ සිට ‘L’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘P’ සිට ‘W’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
සියලුම කලාපවලට හෙට (14) දිනයේ පැය 7 ක විදුලි කප්පාදුවක් වන බව විදුලිබල මණ්ඩලය අද පස්වරුවේ නිවේදනය කළ ද කැලණිතිස්ස සහ සොජිට්ස් යන බලාගාර දෙකට ඉන්ධන ලබාදීමට රජය පොරොන්දුවීම නිසා විදුලිය කප්පාදු කරන කාලය අඩු කරමින් නව කාලසටහන නිවේදනය කළේය.
© ලංකාදීප


අත නොහැර කියවන තැන
හිටපු කතානායක අත්අඩංගුවට
බස් රථයක් පෙරළී 9ක් මරුට – 30කට වැඩි පිරිසකට තුවාල
ප්රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි