Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිසට සෙවණක් නොමැතිව අසරණ වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ ප්‍රශ්නයට විසඳුමක්

නව නිවාස 200ක්

නිවසක් නොමැතිව අසරණ වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කඩිනමින් නිවාස 200 ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

දැනට මාදිවෙල පවතින මන්ත්‍රී නිවාස සංකීර්ණය ඉදිකර තිබෙන්නේ පොලිස් නිලධාරීන්ට ලබාදීම සඳහායි.

නමුත් මීට වසර තිහකට පමණ පෙර හදිසියේ මතුවූ අවශ්‍යතාවයන් හේතුවෙන් අදාළ නිවාස සංකීර්ණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සුදුසු නිවාස සංකීර්ණයක් සකස් කිරීමේ අවශ්‍යතාවය මීට වසර 10 – 15 කට පමණ පෙර සිට සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ඒ අනුව දැනට පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා වියත් පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස ලබාදීමට හා මාදිවෙල මන්ත්‍රී නිවාස පිහිටි භූමියේ නිවාස දෙසියයක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව නිර්දේශ ලබා ගෙන නොමැති වීම හේතුවෙන් එම යෝජනාව ද සංශෝධනය කර නව සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් අදාල නිර්දේශය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුව එම නිර්දේශ සැලකිල්ලට ගනිමින් නව සංදේශයක් ඉදිරිපත් කළ හැකි බව ද කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මෙම නිවාස ගැටළුව හේතුවෙන් දුරබැහැර මන්ත්‍රීවරුන්ට කොළඹ සිට පරිපාලන කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ වීමේ දී නිවාස නොමැති වීම බරපතල ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

About The Author