ඩඩ්ලි පාර්ට් 2 රඟ දැක්වෙයි – ආණ්ඩුව මක්කටෙයි ජනතාව අසයි
පාලන මිල ඉවත් කිරීමත් සමඟ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කිරිපිටි අලෙවි කළ යුතු නව මිල ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තාවනවා.
ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා සඳහන් කළේ.
මේ හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක උපරිම මිලකට සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක උපරිමයකට අලෙවි කිරිමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කිරීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය විසින් යම් බදු පැනවීමක් සිදුකළ හොත් එම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ලක්ෂ්මන් වීරසුරිය මහතා වැඩිදුරටත් පැවසීම විශේෂත්වයක්.
ඔවුන්ට මෙලෙස මිල තීරණය කිරීම සඳහා මැදිහත් වීමට හැකියාව ලැබී තිබෙන්නේ කිරිපිටි මිල පාලනය කිරීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී සිට අහෝසි කිරීමට ගත් තීරණයක් සමඟයි.
වරායේ හිරවුණු බඩුත් එළියට
එමෙන්ම මේ වන විට කොළඹ වරායේ සිරවී ඇති ආනයනික කිරිපිටි අඩංගු බහලුම් රැසක් නිදහස් කරගැනීමට පියවර ගනිමින් සිටින බවට ද අප වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.
පසුගිය දිනවල කිරිපිටි ආනයනකරුවන් පැවසුවේ අදාල කිරිපිටි තොග මුදා ගැනීම සඳහා තමන්ට ඩොලර් නොමැතිකමින් ගැටලුවක් මතුව ඇති බවයි.
පාරිභෝගික ජනතාවගේ චෝදනාව
මේ ආකාරයෙන්ම පසුගිය සතියේ සහල් මිල පාලනයට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ද අවලංගු කර දැමුණු අතර මහා පරිමාණ හාල් මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළෙහි සහල් මිල හා වී මිල තීරණය කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික ජනතාව අවධාරණය කරන්නේ මෙලෙස ව්‍යාපාරිකයන්ගේ වුවමනාවන් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල තීරණය කරනවා නම් පාරිභෝගික සේවා අධිකාරියක් ක්‍රියාත්මක වීමෙන් හෝ විෂය භාර අමාත්‍යවරයෙකු බලයේ සිටීමෙන් පලක් නැති බවයි.
එමෙන්ම ජනතාව වෙනුවෙන් සංවේදී වෙමින් තීරණ ගතයුතු ආණ්ඩුව අද වන විට විහිළුවක් ව ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.
අදත් වෙළඳපොල තුළ කිරිපිටි හිඟය පැවතුණා.
බොහෝ වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපයේදී නව මිල ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළට නිකුත් වනු ඇති බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි