අද ආණ්ඩුව යම් යම් දෝෂාරෝපණවලට ලක් වන්නේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු නොවීම නිසා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබා දී ඇති 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු වූයේද හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙක් බවද ඔහු සඳහන් කළා.
විශේෂයෙන්ම ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද එම අදහස මතු කල බවත් කී ඇමතිවරයා නමුත් ජනාධිපතිවරයාට එකවර හිට්ලර් කෙනෙකු වීම සඳහා කැමැත්ත ඇතැයි තමන් නොසිතන බවද ඔහු සඳහන් කළා.
නමුත් සමහර අංශ ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලු විට ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු බවට පත්වීම සඳහා තල්ලු කළහොත් ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු වනු ඇති බවත් එවිට කිසිවෙකු ඔහුට දොස් නොපවරවනු ඇති බවත් සඳහන් කළ අමුණුගම මහතා එවිට කටයුතු නිවැරදිව සිදුවනු ඇති බවද පෙන්වා දුන්නා.
ඔහු මේ බව සඳහන් කළේ අද (12) මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට