Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිටපු පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට එරෙහිව සාක්ෂි දීම සඳහා හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අධිකරණයට කැඳවයි

ප්‍රහාරය වළක්වා ගැනීමට අදාළව ප්‍රධාන වගකීමක් පැවරී තිබු සහ සාක්ෂි වසන් කිරීම සම්බන්ධ චෝදනා ලැබූ පුද්ගලයෙකු සාක්ෂි කරුවෙක් වන්නේ කෙසේදැයි ප්‍රශ්නාර්ථයක්?

පාස්කු ප්‍රහාරයට අදාළ නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා ලබන 22 වනිදා අධිකරණයෙ පෙනී සිටින ලෙස නියම කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කර තිබෙනවා.

නඩුවේ පැමිණිල්ල මෙහෙයවමින් නීතිපතිවරයා නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සාක්කි ලබා ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

අගවිනිසුරුවරයා විසින් පත්කරන ලද නාමල් බලල්ලේ, ( සභාපති )ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරෙනවා.

කෙසේ වෙතත් විපක්ෂ දේශපාලකයින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මෙන්ම කතෝලික සභාවද මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්මවිත්ය සහ විරෝධය පල කරනවා.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රහාරයට අදාළ සාක්ෂි වසන් කළ බවට නිලන්ත ජයවර්ධන මහතාට එල්ල වී ඇති චෝදනාවයි.

ඔහුගේ පරිගණකයේ දත්තද නැවත ලබා ගැනීමට නොහැකිවන අයුරින් මකා දමා ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවම උපුටා දක්වමින් වීම විශේෂත්වයක්.

About The Author