Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිටපු නීතිපති දප්පුල, ජයරත්න මල්ශාලාවේ නීතිඥයා ලෙස නඩුවකට පෙනී සිටී

මීගමුවේ ඉදිකිරීමට යෝජිත ජයරත්න මල්ශාලාවේ ශාඛාවකට ජනතා විරෝධය

මීගමුව තලාදූව ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයක ඉදිකිරීමට සූදානම්වන ජයරත්න මල්ශාලාවේ ශාඛාවට ප්‍රදේශවාසීන් විසින්  විරෝධය පලකර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව ඊයේ  (26) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය හමුවේ  විභාගයට ගෙන තිබෙනවා.

එහිදී විත්තිකාර පාර්ශවය වන ජයරත්න මල්ශාලාව වෙනුවෙන් පෙනී සිටීමට මීගමුව අධිකරණයට පැමිණ ඇත්තේ හිටපු නීතිපතිවරයා වන දප්පුලද ලිවේරා මහතා වීම විශේෂත්වයක් වුණා.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ ජනාකීර්ණයක් වන මෙම ප්‍රදේශයේ මල් ශාලාවක් ඉදිකිරීම තුළින් මහජනතාවට නිතර දක්නට ලැබෙන්නේ ඔවුන් දැකීමට අකමැති දුක්බර දේවල් බවත් එය දණ්ඩ නීති සංග්‍රහයේ 98 වන වගන්තිය යටතේ මහජන පීඩාවක් ඇතිකරන වරදක් බවයි.

තවමත් කිසිදු ඉදිකිරීමේ කටයුත්තක් හෝ සිදුනොවුන ස්ථානයකින් මහජන පීඩාවක් ඇතිවන්නේ කෙසේද යන්න ඊට එරෙහිව කරුණු දක්වමින් හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා අධිකරණය ඉදිරියේ පෙන්වාදී ඇති අතර එබැවින් මෙම පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලෙස ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මියගෙන් ලැබුණු අවසරය මත ප්‍රදේශවාසීන්ද අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් මෙම අවමංගල්‍ය ශාලාව ඉදිකලහොත් ඇතිවන මහජන පීඩාව පිළිබදව කරුණු දක්වා තිබෙනවා.

දප්පුල ලිවේරා මහතා නීතිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරනු ලැබුවේ ජයරත්න මල්ශාලාවේ හිමිකරුගේ දියණිය වන අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවියයි.

About The Author