Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් පොලිසියට සහ ජනතාවට විශේෂ පණිවිඩයක් – පොලිසිය ඉන්නේ පාලකයෝ රකින්න නෙමෙයි ජනතාව රකින්නයි : වැරදි දේ කළොත් පොලිසියට වෙන දේත් කියයි

පොලිසියට ගැහුවොත් ගහන්න ජනතාවට පුළුවන් වෙන විදිය මෙන්න – පොලිසිය ජිමික් දානවා මහා අපරාධ රැල්ලක් අත ළඟ

අපරාධ රැල්ල පාලනයට පොලිස් නිලධාරීන් නෑ – පැරදුනු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවටත් පොලිසිය තියලා 

පොලිසියෙන් ගැහුවොත් පෙරලා පහර දෙන්න ජනතාවට පුළුවන්. ඒ මොන වෙලාවටද ? 

රට තුල පවතින ආර්ථික අර්බුදය සමග බරපතල අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.

Mee Massoo TV සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ එවැනි අර්බුදයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ලංකාව තුළ සිටිය ද, බොහෝ දෙනෙකු මේ වන විටත් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවයි.

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් සඳහා ද විවිධ උපක්‍රම යොදාගනිමින් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති අයුරු ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා මෙහිදී හෙළි කළා.

පොලිසිය නිලධාරින් විසින් සාමාන්‍ය පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආත්මාරක්ෂාව උදෙසා ජනතාවට පොලීසියට පහර දීමේ හැකියාව පවතින අවස්ථාවක් පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කිරීම විශේෂත්වයක්.

About The Author