ආරාධනා කර ඇත්තේ බැන්කි මූන් සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයායි
රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර තිබුණි.
එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද(10) සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ469 ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.
ආසියානු කලාපය තුළ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර තිබෙනවා.
දකුණු කොරියාවේ පැවැත්වෙන 2022 සාමය පිළිබඳව ලෝක සමුළුව ඇමතීමට සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු මුණගැසීමට මෙම සංචාරය අතරතුර දී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් බලාපොරොත්තුවෙන් සිටි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනයි.
© මාධ්‍ය ඒකකය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට