Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිටපු අමාත්‍ය හරීන් UNP නියෝජ්‍ය මහලේකම් ධූරයේ වැඩ අරඹයි

හිටපු අමාත්‍යවරයකු වූ හරීන් ප්‍රනාන්දු මහතා අද ( 10) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මුලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයේ වැඩභාර ගෙන ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, එක්සත් ජාතික පක්ෂය යළි දේශපාලනිකව බලමුළු ගැන්වීමේ ප්‍රධාන වගකීම ඔහු වෙත පැවරී තිබේ.

වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව දැවැන්ත දේශපාලන ප්‍රහාරයක් දියත් කිරීමට පොදු විපක්ෂය සූදානම් වන මොහොතක හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ මෙම පත්වීම සිදුවීම විශේෂ බව දේශපාලන විචාරකයන් පවසයි.

දේශපාලන ආරංචිමාර්ග උපුටා දක්වමින් විචාරකයන් පවසන්නේ ආණ්ඩුවට එරෙහිව දියත් කිරීමට නියමිත දේශපාලන ප්‍රහාරයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල භූමිකාවක් හරීන් ප්‍රනාන්දු ට පැවරී ඇති බවයි.

එජාප ආරංචිමාර්ග අනුව, ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් එළඹෙන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී සංවිධානය කිරීමට නියමිත “ජන හඬ” ජනරැළිය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම ද එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් හරීන් ප්‍රනාන්දු හට පවරා ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

About The Author