මෙරට ජීවත් වන සෑම පුරවැසියකුටම ජීවත්වීම සඳහා ඉඩමක් ලබා දීම සඳහා කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දී ඇතැයි ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, බත්තරමුල්ල, නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩම් අමාත්‍යාංශයේ කටයුතු සඳහා නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා. මේ රටේ ජීවත්වන සෑම පුරවැසියකුටම තමන්ට අයිති බිම් කොටසක් දෙන්න කියා අපට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශය හැටියට අපි විශාල මෙහෙයුමක් මේ කාල සීමාවේ කරගෙන යනවා. ඒ ඉඩම් අමාත්‍යාංශයට අයිති ආයතන ප්‍රධානීන් කැඳවා මේ වසරේ පමණක් ඉඩම් ඔප්පු එක් ලක්ෂ පනස්දහසක් දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපි ඔප්පු 20,000ක් නිකුත් කිරීම ආරම්භ කළා. 2021 දෙසැම්බර් මාසයේ 31 වැනිදා වන විට එක් ලක්ෂ පනස්දහසක ඔප්පු දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙහි පරමාර්ථය තමයි, ඉඩම් නැති අයට නිවෙසක් සාදාගැනීමට ඉඩම් දීම, ව්‍යාපෘති සඳහා ඉඩම් දීම, කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් දීම. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අනුව අපේ රටේ වගා කරන්න පුළුවන් සෑම දෙයක්ම වගා කරන්න අවශ්‍ය සහාය සහ වැඩපිළිවෙළ ඒ මහතා සකස් කර දී තිබෙනවා. අපේ දේශීය නිෂ්පාදන දිගටම දුර්වල තත්ත්වයකට පත් වුණා. එම දුර්වලතා මඟහරින්න නම්, මිල ටිකක් වැඩි වුණත් අපේ වගාවන් කරන්න අවශ්‍යයි. ජනතාවත් යම්කිසි මට්ටමකින් මේ පිළිබඳව අවබෝධයක් ගත යුතුයි ” යනුවෙන්ද පැවසුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට