මිනිසුන්ගේ මුහුණින් පළ වන හැඟීම් කියවිය හැකි AI CCTV කැමරා පද්ධතියක් නිපදවීමට චීන සමාගමක් සමත් වී තිබේ. කැමරාව හරහා එකතු කර ගනු ලබන දත්ත වෘත්ත ප්‍රස්තාරයක් තුළට ගොණු කෙරෙන අතර, එහි දී රතු පැහැයෙන් නොසන්සුන් බව හා ඍණාත්මක ආකල්ප ද කොල පැහැයෙන් ධනාත්මක බව ද ආදී වශයෙන් අදාළ හැඟීම් බාහිර පුද්ගලයින් හට වටහා ගත හැකි වේ. මේ වන විට එවැනි කැමරා සිය ගණනක් චීනයේ ෂින්ජියෑන් පළාත පුරා සවි කර තිබෙන බවට ආරංචි පළ වී තිබේ.
ෂින්ජියෑන් පළාතේ වැඩි වශයෙන් ජීවත් වන්නේ සුළු ජාතියක් වන “උයිගර්” වර්ගයට අයත් ජනතාව ය. මිලියන 12ක් පමණ වන ඔවුන්ගෙන් බහුතරයක් මුස්ලිම්වරු ය. මෙම කැමරා සවි කිරීමේ වැඩපිළිවෙළ සිය පෞද්ගලික ජීවිතයට බාධාවක් බවත්, එයින් තම සාමාන්‍ය ජීවිතය අතිශයින් නොසන්සුන් වී තිබෙන බවත් පවසමින් ෂින්ජියෑන් ප්‍රදේශයේ ජනතාව රජයට චෝදනා කරති.
ඔවුන් දිනපතා පරීක්ෂාවට ලක් කෙරෙන අතර වරින් වර ඩී.එන්.ඒ. සාම්පල ද ලබා ගනු ලැබේ. ෂින්ජියෑන් ජනතාවගේ නිවෙස්වලට QR සංකේත සවි කොට ඇති අතර, එමඟින් නිවස තුළ සිදු වන සියලු දේ පිටස්තරයෙකු හට දැන ගත හැකි වේ. පර්යේණාගාර මීයන් මෙන් හැම අතින් ම ඩිජිටල් පරීක්ෂණවලට ලක් කෙරෙන උයිගර් ජනතාවගෙන් ලබා ගන්නා සියලු තොරතුරු රහසිගත මෘදුකාංගයක් මඟින් රජයේ ඉහළ බලධාරීන් වෙත යැවෙයි.
එනමුත් බීජිං රජය පවසන්නේ ඒ පිළිබඳ කිසිවක් තමන් නොදන්නා බව යි. ෂින්ජියෑන් පළාත තුළ සිදු වන සියලු ක්‍රියාකාරකම්වල හා එම ජනතාව ආරක්ෂා කිරීමේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ අදාළ පළාතේ පාලන ආයතනයට බව රජයේ අදහස යි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්