වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට දෛනිකව ලබා දෙන ආහාර වේලෙහි කප්පාදුවක් සිදුකර ඇති බව වර්තාවනවා.
අද (28) දිනයේ ඔවුන්ට ලබා දීමට නියමිත ආහාර වේලට ඇතුලත් බත් ප්‍රමාණයෙන් අඩක් පමණ අඩු කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත්තේ බන්ධනාගාර මුළුතැන්ගෙයෙහි තිබු සහල් කිලෝ ග්‍රෑම් 175 අස්ථානගත වී ඇති බව පවසමින් බවයි බන්ධනාගරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත්තේ.
රැඳවියන් චෝදනා කරන්නේ සිරකරුවන් සඳහා ගෙන එන ආහාර ඇතැම් බන්ධනාගාර නිලධාරීන් විසින් සිය පුද්ගලික පරිහරණය සඳහා රැඟෙන යන බවයි.
මේ හේතුවෙන් රැඳවියන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ගියහොත් බරපතල පහරකෑම් වලට සහ නොසලකා හැරීම් වලට ගොදුරු වීමට තමන්ට සිදුවන බවද ඔවුන් සඳහන් කරනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි