සහල් මිල පාලනය කිරීමට බැරි උනොත් හාල් ආනයනය කරනවා – වෙළඳ ඇමති බන්දුල කියයි
පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (15) යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබු අයුරුද දැක ගත හැකි වුණා.
මෙවර පාරිභෝගික දිනය සමරන අද දවස වන විට පාරිභෝගික ජනතාවට හිමිවිය යුතුව තිබු නමුත් හිමි නොවී ජාවාරම්කරුවන් පිරිසක් අතට පත්වූ රුපියල් බිලියන 15.9 ක් වූ සීනි බදු වංචාවපිළිබඳ කතා බහ සමාජය උණුසුම් කර තිබෙනවා.
එමෙන්ම මේ දිනවල වෙළඳ පොළේ ඇති සහල් හිඟය සහ මිල අධික ලෙස ඉහල යාමද පාරිභෝගික ජනතාවට තදින්ම දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.
ආණ්ඩුව පවසන්නේ රුපියල් 100 යට වඩා අඩුවෙන් සහල් අලෙවි කිරීමට වෙළඳුන් ක්‍රියා කළ යුතු බවයි.
නමුත් ජනතව පවසන්නේ රුපිය 100 යට අඩුවෙන් සහල් වෙළඳපොළ තුල සහල් සෙවීම අසීරු කටයුත්තක් බවයි.
එමෙන්ම එලෙස අඩු මිලට සහල් තිබෙන්නේ බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේ පමණක් බවද ඔවුන් පවසනවා.
මේ වන විට රටේ ජනතාව සහල් නොකන බවත් ඒ වෙනුවට පස් කන බවත් පවසන ජනතව රටේ පාරිභෝගික අයිතිවාසිකම් විහිළුවක් පමණක් බවද සඳහන් කරනවා.
මේ වන විට තිබෙන්නේ සෞභාග්‍ය පාලනයක් බැවින් කුමක් සිදු වුවත් කමක් නැතැයි ජනතව පවසන්නේ අවඥා සහගතවයි.
කෙසේ වෙතත් අදට යෙදී තිබු පාරිභෝගික දිනය නිමිත්තෙන් පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්වුයේ නාරාහේන්පිට ප්‍රදේශයේදීයි.
එහිදී අදහස් පළකරමින් ඔහු ඉහළ යන සහල් මිල පාලනය සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී සහල් ආනයනය කරන බවත් එයට අදාළව කැබිනට් අනුමැතිය ලබාගන්න බවත් සඳහන් කළා.
සහල් මිල පාලනය කර ගැනීමට රජයට නොහැකි වුවහොත් විශාල සහල් තොගයක් මෙරටට ගෙන්වා සහල් මිල පාලනය කරන බවයි ඔහු සඳහන් පැවසුවේ.
© මුලාශ්‍රය – දෙරණ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට