වීඩියෝව ගැන පැමිණිලි කළ භික්ෂුව පිළිබඳ විනය පරීක්ෂණයක් ඕනා යැයි කියයි
පහන්තුඩාව ඇල්ල අසල රති වීඩියෝවක් පටිගත කර අන්තර්ජාලය වෙත මුදා හල යුවල සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි පස්සරමුල්ලේ දයාවංශ නම් හිමිනමක් විසින් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ‘බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය’ විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කර තිබෙනවා.
ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ කෙනෙකුට අකැප බවත් පෙන්වා දෙනවා.
මේ හරහා ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවයි ‘බුදු දහම සුරැකීමේ’ සංවිධානය පෙන්වාදෙන්නෙ.
තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවද එහි සඳහන් වෙනවා.
මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන් ගෙන් ගෞරවපුර්වක ඉල්ලීමක් කර තිබෙනවා.
එම ලිපිය පහතින්..

අදාළ වීඩියෝව “විදේශ රටවල ද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සහ සදාචාරයට මරු පහරක් එල්ල වන” බව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති ධුරන්දර ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබුනේ අගෝස්තු 31 වෙනිදාය.



අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට