ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු රෝලන්ඩ් ප්‍රනාන්දුට බාර දීම සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දුට පල නොකියා පළා බෙදීමක් සේ සලකා ඇති බව වාර්තා වේ.
ඇමති හරීන් ප්‍රනාන්දු ඔහුගේ සමීපතමයන්ට පවසා ඇත්තේ ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ ප්‍රචාරක කටයුතු සියල්ල තමා මේ වනවිටත් සැලසුම් කර අවසන් බව ය. එහෙත් එසේ තිබියදී හදිසියේම එම ප්‍රචාරක කටයුතු ප්‍රධානියා ලෙස වෙන කෙනෙකු පත් කිරීම රවී කරුණානායකගේ සැලසුමක් අනුව සිදු කරන ලද බවට සැක කරන්නේ යැයි ද ඔහු සමීපතමයන් සමඟ පවසා තිබේ.
එමෙන් ම, ඉදිරියේදී කැම්පේන් මැනේජර් තනතුරක් නිර්මාණය කර එය ද වෙනත් පුද්ගලයෙකු හට ලබා දීමේ සූදානමක් ඇතැයි තමන්ට මේ වනවිටත් දැන ගැනීමට ලැබී ඇතැයි පවසමින් හරීන් ප්‍රනාන්දු කනස්සල්ලට පත්ව ඇතැයි වාර්තා වේ.
© Lanka Truth


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?