ජන අරගලය මහ පාරට ගන්න කාලය ඇවිල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
ආණ්ඩුව මේ යන ගමන නතර කළයුතු බවත්, එය කළ හැකි එකම බලවේගය සමගි ජන බලවේගය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා.
ජනතා අරගලය වෙනුවෙන් මහ පාරට බැසිය යුතු කාලය එළඹ ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ආණ්ඩුවේ අන්තනෝමතික ගමන හැරවිය හැක්කේ ඒ ජනතා අරගලයෙන් බවද අවධාරණය කළා.
ආණ්ඩුව ගනු ලැබූ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රට පත්ව ඇති බරපතළ තත්ත්වය අතිශය ඛේදනීය බව පැවසූ විපක්ෂ නායකවරයා යම් අතපසුවීමක් හෝ වරදක් සිදු වූවා නම් අඩියක් පස්සට ගොස් එම තීන්දුව වෙනස් කොට ගමන නිවැරදි කිරීම නම්‍යශීලි නායකයෙකුගේ වගකීම බවද පෙන්වා දුන්නා.
ඒ සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස එක් වෙමින්.
මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරියේදී වත්තල ආසනය නියෝජනය කරමින් දේශපාලනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
උත්සව සභාව අමතරින් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තමා හිසරදයක් නම් තමා ඉල්ලා අස්වන බවත් ඒ වෙනුවට රංජන් රාමනායක මහතා නිදහස් කිරීමට පියවර ගත යුතු බවයි සඳහන් කළා.
මෙම උත්සවයට සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයින් සියලු දෙනාම පාහේ සහභාගිවී සිටීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි