ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණ දී සිටින අවස්ථාවක, විගණකාධිපති තනතුර දෙසැම්බර් ( 07) වැනිදා සිට පුරප්පාඩු වී තිබීමත්, ඒ හමුවේ විගණන සේවා කොමිසමට සභාපතිවරයෙකු නොමැති වීමත් ගැටලු සහගත තත්ත්වයක් මතු කර ඇති බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත්, එය ක්‍රියාත්මක වීම සඳහා ස්වාධීන විගණන යාන්ත්‍රණයක් අවශ්‍ය බව එහිදී ඔහු පෙන්වා දී තිබෙයි.
එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව විගණකාධිපතිවරයෙකු පත් වන බව ද, එම විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන විගණනය කර ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරන බව ද එමඟින් පෙන්වා දී තිබෙයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට