Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හර්තාලයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරී ද ??

අද දින පැවැත්වෙන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙවැනි දැනුම්දීමක් කර නොමැති බව එම නිවේදනයේ දැක්වේ. අදාල අසත්‍ය පුවත් බෙදාහරින්නන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සදහන්ය.

About The Author