දින හතරක් ඇෆ්ගනිස්තාන ළිඳක සිරවී සිටි පිරිමි දරුවා මියගොස් තිබේ.
හයිඩර් නමැති හය හැවිරිදි පිරිමි දරුවා බේරා ගැනීමට පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වූ දැඩි මෙහෙයුමකින් පසු, සිකුරාදා පස්වරුවේ ඔහු පිටතට ගැනීමට සහන කණ්ඩායම් සමත් වූහ.
එහෙත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ජාත්‍යන්තර මාධ්‍යයට පවසා තිබුණේ ඒ වන විට ඔහුගේ හුස්ම නතර වී තිබූ බව යි.
දකුණු දිග සාබුල් පළාතේ ළිඳකට වැටී සිටි මෙම දරුවා පසුගිය බ්‍රහස්පතින්දා සිට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර හුස්ම ද නොගන්නා බව දැනුණු බව ඔහු පවසයි. සහන කණ්ඩායම් ද වාර්තා කළේ බ්‍රහස්පතින්දා සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව යි.
ගලවා ගැනීමේ කණ්ඩායම් පිරිමි ළමයා වෙත ළඟා වීම සඳහා පොළව තුළට අගලක් හාරා තිබිණි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු කාබුල්හි රෝහලකට රැගෙන යාමට හෙලිකොප්ටරයක් ද සූදානම් ව තිබිණි.
“ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පසු පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම ඔහුට ඔක්සිජන් ලබා දුන්නේය,” කාබුල් නගරයේ පොලිස් ප්‍රකාශක සයිබුල්ලා ජවුහාර් පැවසීය. “වෛද්‍ය කණ්ඩායම ඔහුව හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිද්දී ම ඔහුගේ ජීවිතය අහිමි විය.”
හයිඩර් පසුගිය අඟහරුවාදා ෂොකාක් ගම්මානය හරහා පාරේ ගමන් කරමින් සිටින අතරතුර ළිඳකට වැටී තිබිණි.
දරුවා මුලින් ලිස්සා ගොස් ඇත්තේ මීටර් 25 (අඩි 80) පටු මඟකට වන අතර එහි දී ඔහුට එහා මෙහා යාමට හැකි විය. එනමුත් සහන කණ්ඩායම් පැමිණීමට පෙර එය දුටු ගැමියන් ඔහුව බේරා ගැනීමට උත්සාහ ගෙන තිබූ අතර ඔවුන් කඹ යොදා දරුවා ඇද ගැනීමට උත්සාහ කරද්දී තත්ත්වය දරුණු අතර හැරී තිබිණි.
ඒ අනුව එතැන් සිට තවත් මීටර් 10(අඩි 32) පමණ දක්වා ඔහුව ඇදී ගෙන ගිය පසු, මාර්ගය පටු නිසා දරුවා හිර වී තිබිණි. පැය 30කට වැඩි කාලයක් ඔහු එලෙස සිටි අතර අවසානයේ ඔහු වෙත ළඟා වීමට ගැලවුම්කරුවෝ සමත් වූහ. එනමුත් දරුවා සිර වී සිටි ස්ථානය අනුව ඔහුට ආහාර හෝ ජලය ලබා දීමට කිසිවෙකුටත් නොහැකි වී තිබේ.
“ඔයා හොඳින්ද මගේ පුතේ?” යනුවෙන් ඔහුගේ පියා විසින් අසනා වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ විය. “අඬන්න එපා මාත් එක්ක කතා කරන්න, අපි ඔයාව එළියට ගන්න වැඩ කරනවා.”
“හරි, මම දිගටම කතා කරන්නම්” ළමයා පිළිතුරු ද දී ඇත.
කෙසේ වෙතත්, ඔවුන් ඔහු පිටතට ඇද ගැනීමට පැය 24කට පමණ පෙර, දරුවා පියා සමඟ කළ සන්නිවේදනය සම්පූර්ණයෙන් නතර කර ඇත.
තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, අනාස් හකානි ඉන් කෙටි වේලාවකට පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඉතා ශෝකයෙන් තරුණ හයිඩර් අපෙන් සදහටම වෙන් වී ඇති බව ප්‍රකාශ කර සිටිමි” යනුවෙනි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්