රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත කැඳවා තිබෙන හමුදාව මේ වන විට කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල විරෝධතාවයක් නිර්මාණය වී තිබෙනවා.
මහජන සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ස්ථානයක් හමුදාවට හිමි වන්නේ නැහැ.
එවන් වටපිටාවක් තුළ කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල දී හමුදා නිලධාරියෙකු විසින් නිරායුධ සිවිල් පුද්ගලයකුට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නේ පොලිස් නිලධාරීන් ද බලා සිටියදී අදාළ හමුදා නිලධාරියාට විසින් සිවිල් ආරවුලක් සඳහා මැදිහත් විය පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දීමයි.
පොලිසිය බරපතළ වරදක් කරයි
සිවිල් ආරවුලකදී ඒ සඳහා මැදිහත් වීමේ පූර්ණ අයිතිය තිබෙන්නේ පොලිසියටයි.
එවන් වටපිටාවක් තුළ මෙම සිද්ධියේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු පසෙක සිට බලා සිටින ආකාරය ද දක්නට ලැබෙනවා.
නීතිය නිවැරදිව ක්‍රියාත්මක වනවා නම් පොලිසිය පුද්ගලයෙකුට පහර දීමේ වරද සම්බන්ධයෙන් අදාළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතුව තිබුණා.
මෙම සිදුවීම රටේ නීතිය හමුදා නීතියෙන් යටපත්ව කර ඇති බවට නිදසුනක් බවයි සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි