අදාළ මාධ්‍ය නිවේදනය පහළින්
හබරණ සිදුවීමට සම්බන්ධ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියාට උසාවියේදී ඇප හිමිවේ
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟින් පසුගිය දා ඇති වූ බහින්බස්වීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් මොහාන් රත්නායක ස්වෙච්ඡාවෙන්ම අද (ජුලි 01) දින උදෑසන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව ශරීර ඇප දෙකක් මත නිදහස් කොට ඇත.
අදාළ සිද්ධියට පසුවමෙම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරි විසින් 2021 ජුනි මස 25 දින හබරණ පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබුනද මේ දක්වාම ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ කැඳවීමක් සිදුකර නොතිබුණු අතර අද (ජුලි 01) දින ස්වෙච්ඡාවෙන්ම එම නිලධාරියා පොලීසිය වෙත පැමිණියේය. එමෙන්ම, මෙම සිද්ධිය වන අවස්ථාවේදී පෞද්ගලික සංචාරයක නිරතව සිට ඇති අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව ඇති බවට විවිධ මාධ්‍යයන්හී කරුණු වරදවා සිදුකරන ලද ප්රචාරයන්ට එරෙහිව අපහාස කිරීම හා කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධව නීතිය මඟින් කටයුතු කිරීමට අපේක්ෂා කරනු ලබන අතර මෙම නඩුවේ මීලඟ නඩුව නැවත කැඳවීම 2022 වර්ෂයේ පෙබරවාරි මස 03 දිනට නියමකර ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම සැල වූ විගස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම සිද්ධියේ සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජුනි මස 26 දින ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්ෂණ මණ්ඩලයක් පත්කරනු ලැබ ඇත්තේ මේ පිළිබඳ පැමිණිලි පොලිසියට ද වාර්තා වී ඇති හෙයිනි. මීට සමගාමීව යුද්ධ හමුදා පොලිස් පරික්ෂණයක් ද සිද්ධිය සිදුවූ වහාම ආරම්භ කොට ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට