Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හඳපානේ ගිවිසුමකට අත්සන් කරලා රට දණගස්සලා – වසන්ත සමරසිංහගෙන් විශේෂ හෙළිදරව්වක්

අමෙරිකානු පුරවැසියන් දෙදෙනෙක් ලංකාවේ බලශක්තියේ ඉරණම තීන්දු කරලා

මෙරට විශාලතම ජාතික සම්පතක් වන කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ මහතා සහ අමෙරිකානු ජාතික සමාගමක් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් මේ හරහා රටේ බලශක්ති ඒකාධිකාරය විජාතික රාජ්‍යයන්ට පවා දී ඇති බව පෙන්වා දෙනවා.

රටේ ජාතික ආරක්ෂාව පමණක් නොව සමස්ත ජනතාවගේ අනාගතය පිළිබඳ මේ වන විට බරපතල අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ වරාය, කොළඹ නගරයේ වටිනා ඉඩම්, විදුලි බලාගාර ඇතුළු සියල්ල මේ වන විටත් විකුණා දමා ඇති බව පෙන්වා දෙන වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරන්නේ මේ වන විට යුධමය වශයෙන් රටවල් ආක්‍රමණය කරනු වෙනුවට සිදුවන්නේ එම රටවල පුරවැසියන් බලයට පත් කොට ඒ හරහා අදාල රටවල් පාලනයට කිරීමට ඇමරිකාව වැනි රටවල් කටයුතු කරමින් සිටින බවයි.

About The Author