කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ උප සභාපති නවීන් ද සොයිසා මහතා සඳහන් කර සිටියේ ජනගහනයට සාපේක්ෂව වාර්තාවන ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි.
අද වන විට ඉන්දියාවේ රෝගීන් වාර්තා වීම මිලියනයකට 80ක් වනවිට ශ්‍රී ලංකාවේ මිලියනයකට 136ක් වාර්තා වෙන බැවින් එය ඉන්දියාවේ මෙන් එකහමාර ගුණයක් ව ඇතැයි සඳහන්.
හතෙන් එකකට කොරෝනා
එසේම පසුගිය දිනවලදී සිදු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණ දත්ත සලකා බැලීමේදී මෙම තත්වයෙහි ඇති බරපතළකම තේරුම් ගත හැකිවේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව ජුනි 10 ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 2715 කි.
එදින සිදුකරන ලද පී.සී.ආර්. එකතුව 19828 කි. ඒ අනුව කොරෝනා රෝගීන් හමුවීමේ අගය සියයට 13.69 කි. එනම් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන සෑම පී.සී.ආර්. පරීක්ෂණ හතකින් එකක් කොවිඩ් ආසාදිතයකු බවට හෙළිවේ.
කොවිඩ් දත්තවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පාර්ශවයන්හි විරෝධය එල්ල වෙමින් තිබියදී මෙම තොරතුරු හෙළි වීමද විශේෂත්වයකි.
පැයකට මරණ දෙකක්
සතිය තුළ පමණක් දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ පසුගිය සෙනසුරාදා (05) සිට අද (11) දක්වා ගෙවුණු සතිය තුළ මරණ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
එම සතිය තුළ පමණක් කොරෝනා මරණ 315ක් සිදුව තිබෙනවා.
ඒ අනුව රජය විසින් ඉදිරිපත් කරන නිල සංඛ්‍යා දත්ත වාර්තා අනුව පැහැදිලි වන්නේ පැයකට කොරෝනා ආසාදිතයින් දෙදෙනකු මිය යන තත්වයක් ආසන්නයේ අප සිටින බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට