Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හතර වටෙන් වහගෙන කෞතුකාගාරයේ කරන වැඩේ එළියට

ලක්ෂ 400 ක් බිම අතුරයි

කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිලි භූමිය තුළ තණ පිඩැලි ඇල්ලීම සඳහා රුපියල් ලක්ෂ 400ක් (මිලියන 40) වැය කිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කෞතුකාගාර භූමියේ තිබෙන තණ කොළ ඉඩෝරය පවතින කාලවලදී වියළීයාම මෙම නව තණ පිඩැලි ඇල්ලීමට හේතු ව බව වාර්තාවනවා.

ඒ අනුව, රජයේ මුදල් යොදවා එම භූමියෙහි පිහිටි අක්කර හතක ප්‍රදේශයක් තුළ තණ පිඩැලි ඇල්ලීම සිදුකෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සහ උපදෙස් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබා දී තිබේ.

අදියර දෙකක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර, මූලික අදියර ලබන ජනවාරි 8 වන දින වනවිට අවසන් කර ඉන්පසුව දෙවැනි අදියර ආරම්භ කිරීමට නියමිතයි.

තණ පිඩැලි ඇල්ලීමෙන් පසුව එම භූමිය උද්භිද උද්‍යානයක් ලෙස අලංකාර කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ස්ථානයක් බවට පත් කරන බව ද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සංස්කෘතික) සෙනරත් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

පිටස්තර කිසිවෙකුටත් නොපෙනෙන ආකාරයට කොළඹ හතේ පිහිටි ජාතික කෞතුකාගාරය දින කිහිපයක් තිස්සේ වසා දමා ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි මාධ්‍ය ආයතනයකින් කළ විමසුමකට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂවරයා එසේ සඳහන් කර තිබෙනවා.

About The Author