තුන්වන මාත්‍රාව අරගන්න ඉක්මන් කරන්නැයි දැනුම් දෙයි
කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමකට ලක් වුව හොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ට ද ගැටලුවක් ඇති විය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
එවැනි තත්ත්වයකට රට පත් නොකිරීම සඳහා ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමු වී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වයිරස් ප්‍රභේදය ද යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව ද ඔහු අවධාරණය කරනවා.
කොවිඩ් ආසාදිතයන් 942ක් පෙරේදා වාර්තා වූ අතර එවැනි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමක් සිදු වූයේ මාස හතරකට පමණ පසුව බව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.
එබැවින් කොවිඩ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සැමදෙනා දැඩිව හිතට ගත යුතු යැයි ද ඔහු සඳහන් කරනවා.
මේ වන තෙක් කොවිඩ් තුන්වැනි මාත්‍රාව නොගත් අය ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත ගන්නා ලෙස ද ඔහු ජනතවගෙන් ඉල්ලා සිටියා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට