Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෙලවෙන මනස වූ බුත්තල

බුත්තල, උනාවටුන ප්‍රදේශයේ පොළොවේ යම් දෙදරායාමක් ඊයේ (12) සිදුවූ බව ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පෙරවරු 8.53 – 8.55 ත් අතර කාලය තුළ එය සිදුවූ බවය.

“උදලු ගගා හිටියා මම. ඒ වෙලාවේ එක පාරම වැටෙන්න පොළොව නිකන් දෙදරුම් කාලා වගේ එකපාරට ඇලවුණා මම.”

“එක පාරටම ගැස්සිලා ගියා…ක්ෂණිකව ඒක නැති වුණා. එච්චරයි”

මෙම සිදුවීම වාර්තා වුණේ , බුත්තල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට පසුගිය සිකුරාදාත් සුළු භූචලන දෙකක් වාර්තා වූ පසුබිමකය.

නමුත් ප්‍රදේශවාසීන් පවසන ආකාරයේ සුළු භූචලනයක් ඊයේ වාර්තා වී නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසන්නේ මේ පිළිබඳ අනියත බියක් ජනතාව ඇතිකරගත යුතු නොමැති බවය.

About The Author