Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෙරෙප්පුවෙන් කොමසාරිස්ට පහරදුන් පොහොට්ටු මන්ත්‍රීවරියට නගරසභා සේවකයෝ කුණු බිත්තර වලින් රිටර්න් එක දීලා

අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත.

මෙම සිද්ධියට මුහුණ දුන් මන්ත්‍රිවරිය පසුගියදා (26) දින මහ නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් කාරක සභාවේදි නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාට ඇසැබි වදනින් බැණවැදි පාවහන් යුගලින් පහර දී ඇතැයි පැවැසෙයි.

එම සිද්ධියෙන් පසුව එම මන්ත්‍රිවරිය ඊයේ(27)දින උදැසන නගර සභාවට පැමිණ එහි මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ රැදි සිටියදි එම ස්ථානායට පැමිණි නගර සභාවේ නිලධාරීහු හා සේවකයෝ විශාල පිරිසක් ඇයට නගර සභාවෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන්හ.

එහෙත් ඇය මන්ත්‍රිවරුන්ගේ නිල කාමරයේ අසුන් ගෙන ඊට ප්‍රතිචාරයක් නොදැක්විමේ හේතුවෙන් ඇය අසුන් ගෙන සිටි පුටුව සමගින් උස්සා ගෙන පහත මාලය වෙත රැගෙන එමට සේවකයන් කටයුතු කර ඇත.

එහිදි මහත් උණුසුම් කාරි තත්වයක් උද්ගත විය. සේවකයන් විසින් නගර සභාවට පිවිසෙන දොරටුව අභියස ඇයට චෝදනා කරමින් විවිධ පොස්ටර් ප්‍රදර්ශණය කරමින් විරෝධය දක්වන්නට වුහ.එහිදි ඇය හඩා වැටෙන්නටද විය.නගර සභා සේවකයන් විසින් තමන්ට පහරදුන් බවද ඇය කීවාය. නාගරික කොමසාරිස්වරයා බැනවැදි පාවහන් වලින් පහරදිම වෙනුවෙන් නාගරික කොමසාරිස්වරයා ගෙන් සමාව ගන්නා ලෙස මෙහිදි සේවකයන් මන්ත්‍රිවරියට පවසා සිටි අතර එහිදි එම ස්ථානයට පැමිණි කොමසාරිස්වරයා ගෙන් ඇය සමාව ගත්තාය.

පසුව සේවකයන් මන්ත්‍රිවරිය නගර සභාවේ පිටුපසට රැගෙන ගොස් කැලිකසල අදින ට්‍රොලියක පටවා නගර සභාවෙන් පිටතට රැගෙන යාමට උත්සහා කළද තවත් පිරිසක් ඊට විරෝධය පළ කිරිමේ හේතුවෙන් එම වැයම අසාර්ථක විය.

අනතුරුව නාගරික මන්ත්‍රිවරිය නැවත නගර සභාවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන ගොස් හු හඩ හා ජල ප්‍රහාරය මැද නගර සභාවෙන් පිටතට රැගෙන ගියහ.

අනුරාධපුර පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිණියන් පිරිසකගේ ආරක්සාව මැද මන්ත්‍රීවරිය පොලිස් කැබි රථයකින් නගර සභා භූමියෙන් ඉවතට රැගෙන යාමෙන් පසු සිද්ධිය සමථයකට පත විය.

© දයාරත්න ඇඹෝගම – ලංකාදීප

About The Author