වව්නියාව සෙට්ටිකුලම් කප්පාච්චි රක්ෂිත කැලෑ ප්‍රදේශයක ආරක්ෂක රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසකට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
සෙට්ටිකුලම් කප්පාච්චි ඇතුලු සෙට්ටිකුලම් රක්ෂිතයේ සිදුවන දැව ජාවාරම් පිළිබඳව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත යුද හමුදා සෙබලුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් පළමුව වෙඩි ප්‍රහාරයක් එල්ල පසු යුද හමුදා සෙබලුන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊයේ (1) රාත්රියේදී සිදුව ඇති මෙම ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට ඇතුළත් කරනු තිබෙනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි පුද්ගලයෙක්.
ආයුද සහිතව සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන්ගෙන්ද එක් අයෙකුට තුවාල සිදුව ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
අදාල පිරිස රක්ෂිතයේ දැව ජාවාරමක නිරත වන්නිනන්රද, නැතිනම්ත යුධ හමුදාවට සිතා මතා ප්වීරහාරයක්මේ එල්දීල කිරීම සඳහා පැමිණියේද යන්න පිළිබඳ සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට