සුර්ය පැනල වල බලශක්තිය ප්‍රධාන ධාරාවට එක කිරීමට ආණ්ඩුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්
බොහෝ නිවාස වල , ආයතන වල සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථාන වල උත්පාදනය කරන විදුලිය මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
ඉදිරියේ දී ඒවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
තවද මෙසේ සූර්ය පැනල ස්ථාපිත කර ඇති ස්ථාන වලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිලිබඳව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝග කල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
සූර්ය බලශක්ති පැනල මඟින් උත්පාදනය කරනු ලබන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට මෙතෙක් එකතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසට පවා සූර්ය බලශක්ති පැනල සවිකිරීම සිදු කලද ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය සම්බන්ධතාවය ලබා දීම සඳහා මාස 6 කට අධික කාලයක් ගත වී ඇති බව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේදී නිරීක්ෂණය විය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමු වීමෙන් අනතුරුව එය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන ලදි.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට