Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුනිල් පෙරේරාත් යන්න ම යයි – සුව වී ගෙදර ආ පසු නිව්මෝනියාව හැදෙයි

ශ්‍රී ලාංකේය ගීත සංස්කෘතියේ නව පරිච්ඡේදයක් නිර්මාණය කළ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා ද අලුයම අභාවප්‍රාප්ත වුණා.

ඒ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන්.

මීට සති කිහිපයකට පෙර සුනිල් පෙරේරා මහතා කොරෝනා ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ අතර සුව වී මීට දින කිහිපයකට පෙර නිවසටද පැමිණියා.

එසේ පැමිණි සුනිල් පෙරේරා මහතා සිය මිනිබිරියන්ද සමගින් ගත් ඡායාරුපයක්ද අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

එමෙන්ම තම ජීවිතය බේරීම සම්බන්ධයෙන් දෙවියන්ට ස්තුති වන්ත වන බවද ඔහු සඳහන් කාලා.

කෙසේ වෙතත් ඊයේ (05) රාත්‍රීයේ ඔහුට නැවත ඔහුට හුස්මගැනීමේ අපහසුතාවක් ඇතිව තිබෙන අතර වහාම ඔහු පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා.

පශ්චාත් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් එලෙස ප්‍රතිකාර ලබමින් සිටී සුනිල් පෙරේරා මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතයි.

About The Author