Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුනාමි දුම්රිය එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ දුම්රිය එන්ජිම මෙවර පැරෑලිය අනතුර සිහි කරමින් සංකේතාත්මකව ධාවනය නොවූ බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම අවස්ථාව සිහි ගන්වමින් වෙනත් එන්ජිමක් යොදා ගනිමින් ‘සුනාමි දුම්රිය’ ලෙස විරුදාවලිය ලත් අනතුරට ලක්වූ දුම්රිය අද (26) දිනයේ මාතර බලා ධාවනය කරවීමට පියවර ගෙන තිබුණි.

අනතුරට ලක්වූ එන්ජිම වසර කිහිපයක් අඛණ්ඩව ධාවනය කරවූ අතර එහි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙවර ධාවනය නොකෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම එන්ජිමේ ඇක්සලයේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් මෙලෙස අද උදෑසන ධාවනය කරවීමට හැකියාව නොතිබුණු බව සඳහන් වෙයි.

About The Author