ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ලෙස පත්වූ සුදේව හෙට්ටිආරච්චි මහතා සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වූ කිංස්ලි රත්නායක මහතා අද (03) දිනයේ සිය ධුරයන් රාජකාරි කටයුතු නිල වශයෙන් භාරගනු ලැබූවා.
මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයානන්ද හේරත් සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සම්භාවනීයයන් පිරිසක් ද එක්ව සිටියා.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට